Advertise with Giraya
NEWS

අද වාර්තා වූ රෝගීන් ගණන 10යි

update at 11.45 PM

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත‌ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (10) රාත්‍රී 11.00 වන විට 1869ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද දිනය තුළ දී තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟය.

වාර්තා වී ඇති රෝගීන් 10 දෙනාගෙන් 07 දෙනෙකු ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ ද එක් ආසාදිතයෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් වේ.

Giraya News Alerts

අනෙක් දෙදෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණිි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් එක් අයෙකු කටාර්හි සිට මෙරටට පැමිණ පලගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ ද අනෙක් පුද්ගලයා මුම්බායිහි සිට පැමිණ දියතලාව නිිිිිිිිිිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි අය වේ.

අද (10) දිනයේ ද තවත් ආසාදිතයින් 65 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබූූ සමස්ත ගණන 1122ක් වේ.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 736ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top