විශ්‍රාම වැටුප් සේවාවන් ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන විශ්‍රාමිකයින් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ නිශ්චිත දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ සඳහා මේ වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍ය විශ්‍රාමිකයින්හට දෙපාර්තමේන්තු වෙබ් අඩිවියට පිවිස අදාළ තොරතුරු ඊට ඇතුළත් කර වේලාවන් වෙන් කරවා ගත හැකි බව එම දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
එසේම සියලුම විශ්‍රාමිකයින්ගේ හා සේවාලාභීන්ගේ පහසුව උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් පිළිබඳ ව තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවති බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් පවතින තත්ත්වය යටතේ සිය සේවාවන් නිවසේ සිට දුරකථන මාර්ගයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1970 අමතා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලබා ගැනීමට උනන්දුවන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
