අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසලදී ඊයේ (10) දිනයේ පැවති විරෝධතාවයේ යෙදී සිටි විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරිමේදී පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශිෂ්ඨ මෙහෙයක් සිදුකළ බවත් ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරිම මත ඔවුන් විසින් ලබාගත් කීර්තිය සහ හොඳ නමට කැළලක් ඇති වීම වළක්වා ගත යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
