Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සීමාවන්ට යටත්ව ජුනි 15 සිට උපකාර පන්ති පැවැත්වීමට අවසර දෙයි

2020 ජුනි මස 15 වන සඳුදා දින සිට යම් සීමාවන්ට යටත්ව උපකාරක පන්ති පැවැත්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇත. මේ පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) දින නිවේදයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන පරිදි, උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කර ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100කට සීමා වේ. නමුත් සිසුන් 100 දෙනෙකුට හෝ අදාළ පන්ති කාමරයේ / ශාලාව තුළ ඉගැන්වීම් පහසුකම් නොමැති ස්ථානයන්හි සාමාන්‍යයෙන් උපකාරක පන්තියට සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩකට පමණක් සහභාගි කරවා ගැනීමට අවසර ලැබේ.

මීට අමතරව, ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු වෙනුවෙන් පුද්ගල එක්රැස්වීම සඳහා 2020 ජුනි 12 වන සිකුරාදා සිට අවසර ලබා දී ඇත. එහිදී, සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ආගමික පූජාස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50කට සීමා කර ඇත. නමුත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටීමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයක්හි සාමාන්‍යයෙන් එම භූමීයේ රැදී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවක දී රැඳී සිටිය හැක.

Giraya News Alerts

එම අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top