ශ්‍රී ලංකාවේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුන තවත් ආසාදිතයින් 65 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් ගණන 1122 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලබා ඇති ප්‍රතිශතය 60% ඉක්මවා ගොස් ඇත. ගෝලීය වශයෙන් කොරෝනා ආසාදිතයින් සුව වීමේ අනුපාතය සියයට සියයට 49.23 කි .ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදය (සියයට 38.17) , බ්‍රසීලය (සියයට 45.8) හා රුසියාව (සියයට 49.95) යන රටවල ආසාදිතයන් සුව වීමේ අනුපාතය පවතිනුයේ ශ්‍රී ලංකාවට වඩා අඩු මට්ටමක වන අතර කොරෝනා මරණ සංඛ්‍යාව වැඩි මට්ටමක පවතින එංගලන්තය (සියයට 85.87 ) හා ස්පාඤ්ඤය (සියයට 90.6 ) යන රටවල ආසාදිතයින් සුව වීමේ අනුපාතය ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ.
මැයි මාසය තුළ දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 646ක් වේ. මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.
- ජුනි 01 – රෝගීන් 10 ක් ද,
- ජුනි 02 – රෝගීන් 12 ක් ද,
- ජුනි 03 – රෝගීන් 13 ක් ද,
- ජුනි 04 – රෝගීන් 03 ක් ද,
- ජුනි 05 – රෝගීන් 19 ක් ද,
- ජුනි 06 – රෝගීන් 33 ක් ද,
- ජුනි 07 – රෝගීන් 50 ක් ද,
- ජුනි 08 – රෝගීන් 49 ක් ද,
- ජුනි 09 – රෝගීන් 67 ක් ද,
- ජුනි 10 – රෝගීන් 65 ක් ද වශයෙන් වේ.
ඊයේ (09) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ දෙදෙනෙකු පමණක් වන අතර මෙය මැයි මාසයේ 20 වන දින එක් රෝගියෙකු වාර්තා වූ පසුව වාර්තා වූ අඩුම ආසාදිතයින් ගණන වේ.
මෙම රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු කුවේට් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටින නාවික හමුදා සාමාජිකයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 866 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 37 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 71 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 80,302ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මාසයේ දී සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය සහ හඳුනාගත් රෝගීන් ප්‍රමාණය පහතින් දැක්වේ.
- ජුනි 01 – 1,066 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- ජුනි 02 – 1,783 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
- ජුනි 03 – 2086 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 66
- ජුනි 04 – 1890 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 48
- ජුනි 05 – 1816 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
- ජුනි 06 – 1243 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- ජුනි 07 – 1718 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
- ජුනි 08 – 1766 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 22
- ජුනි 09 – 1579 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 02
එමෙන්ම, සුවය ලැබූ රෝගීන් ප්‍රමාණයේ ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 726 දක්වා අඩු වී තිබේ. රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (10) දින පෙරවරු 10.00 වන විට,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 134ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 97 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 17ක් ද,
- ඉරණවිල රෝහලේ 29ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 96ක් ද,
- නාවික රෝහල (වැලිසර) 52ක් ද,
- හෝමාගම රෝහලේ 48ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 47 ක් ද,
- හම්බන්තොට මහ රෝහලේ 107ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 95ක් ද,
- යුද හමුදා රෝහලේ 04ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 62ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.
මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව මරණ අනුපාතය 0.59%ක් ලෙස වාර්තා වේ
