Advertise with Giraya
NEWS

ඉන්දියන් මුහුදු තීරය හරහා කොරෝනා ආසාදිතයින් මෙරටට පැමිණීමේ අවදානමක්

ඉන්දියන් මුහුදු තීරය හරහා කොරෝනා ආසාදිත සරණාගතයින් නීතිවිරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වීමෙන් මෙතෙක් කොරෝනා රෝගය පැතිරීම සඳහා සෞඛ්‍ය අංශ, පොලිසීය, ආරක්ෂක අංශ මෙන්ම ජනතාව ද සිදු කොට ඇති කැපකිරීම් ඵල රහිත වනු ඇති බව හෙළ බොදු සවියේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංස හිමියෝ පවසති.

ඉන්දියන් මුහුදු තීරය හරහා මෙරටට කොරෝනා වෛරසය පැමිණීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ විසින් මේ බව දන්වා ඇත.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Giraya News Alerts

ඉන්දියන් මුහුදු තීරය හරහා මෙරටට කොරෝනා රෝගීන්
පැමිණීමේ අවදානම සම්බන්ධවයි.

ශ්‍රි ලංකාව තුළ කොරෝනා වෛරසය යම් තරමක් හෝ පාලනය කරන ලද්දේ ඔබතුමන් ඇතුලු සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මෙරට ජනතාව කරන ලද කැප කිරීම නිසාය. එබැවින් එම කැප කිරීම තවදුරටත් ආරක්ෂා කර ගැනීම සදහා අප මේ මොහොතේ ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුය.

අද වනවිට ඉන්දියාවේ කොවිඩ් 19 වෛරසය ඉතා සීඝ්‍රෙයන් පැතිරෙමින් පවතී. ඒ අනුව දැනට ආසාදිතයින්ගේ සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ 5 වන ස්ථානයට ඉන්දියාව පත් වී ඇත. තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් කොරෝනා රෝගීන් 30,000 පමණ වාර්ථා වේ.කොවිඩ් ආසාදිත මරණ 260 ඉක්මවා ඇත. ඒ අනුව තවදුරටත් මුහුදු මාර්ග ඔස්සේ දෙමළ සහ දෙමළ නොවන සරණාගත දෙමළ පවුල් මෙන්ම තමිල්නාඩු හා වෙනත් ඉන්දියානු වැසියන් මෙරටට පැමිණිය හැකිය. එය මෙරට ජනතාවගේ සෞඛ්‍යයට මාරාන්තික බලපෑමක් එල්ල කරයි. මෙතෙක් සෞඛ්‍ය අංශ, පොලිසීය, ආරක්ෂක අංශ මෙන්ම ජනතාවට ද ඉමහත් කැපකිරීම් කොට කොරෝනා රෝගය පැතිරීම යම් දුරකට පාලනය කරගෙන තිබුණද, ඉහත කී පරිදි කොරෝනා ආසාධිතයන් නිතිවිරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වුවහොත් මෙතෙක් සිදු කළ සියලු කැප කිරීම් ඵලරහිත වනු ඇත.

ඉන්දියාව තුල කොවිඩ් 19 වෛරසය පැතිරීම අප රටට සුභදායක නොවේ. මෙරට දීර්ඝ කාලයක් මුලුල්ලේ තමිල්නාඩුවේ දෙමළ ජනයා නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස මෙරටට පැමිණි බව නොරහසකි. ඔවුහු බොහෝ දෙනෙක් දෛනික වැටුපට කම්කරුවන් ලෙස මෙරට විවිධ පළාත් වල කටයුතු කරති. පසුගිය ජුනි 02 වන දින සරණාගත පවුලක සාමාජිකයින් බෝට්ටුවක් මගින් ශ්‍රි ලංකාවට පැමිණි බව වාර්ථා වී ඇත.
එබැවින් ඔබතුමන්ගේ අවධානය මේ පිළිබදව යොමු කරන ලෙසත්, නාවික හමුදා ශ්‍රිලංකා මුහුදු තීරය තුල සීරුවෙන් තැබීමට කටයුතු කරන ලෙසද අවධාරණය කර සිටිමු.

බුදුගල ජිනවංස හිමි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top