Advertise with Giraya
Gossip

රනිල්ට හූ කියපු පිරිස සිරිකොතට යැව්වේ මම – සුජීව සේනසිංහ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සිරිකොත දී හූ කියා කෑගැසූ පිරිස යවන ලද්දේ තමන් විසින් යැයි සමගි ජන බලවේගය නියෝජ්‍ය ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක දී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

Giraya News Alerts

”අපේ ජනතාව පෙරේදා (08) ගිිහින් රනිල් වික‍්‍රමසිංහ මහතාව සිරිකොතින් එලෙව්වා. වෘත්තීය සමිති නියෝජිතයින්ට සිරිකොතට එන්න කියලා තිබෙනවා. ගිහින් කතා කරන්න ද කියලා ඒ අය අපෙන් ඇහැව්වා. අපි හා කියලා යැව්වා. අපි කුමන්ත‍්‍රණ කරන්නේ නෑ. අපි කෙළින් වැඩ කරනවා. අපි බය නෑ සිරිකොතට යන්න. අපි තමයි ඒ අයව ඇරියේ.

සිරිකොතේ සියලූම දේවල් මේ ඡන්දයේදී අපි සමගි ජන බලවේගය දිනවන්න භාවිත කරනවා. අපේ පළාත් පාලන මන්තී‍්‍රන්, පළාත් සභා මන්තී‍්‍රන්, වෘත්තීය සමිති නියෝජිතයින් අපි මේ මැතිවරණ ව්‍යාපාරයට දායක කර ගන්නවා. ඒ අය අපිට විශාල ශක්තියක්.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top