පසුගිය ජුනි මස 04 වැනි දින කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකු යැයි සඳහන් කරමින් පී.සී.ආර්. පරීක්ෂණය සිදු නොකර කටුනායක ගුවන්තොටුපොලෙන් රටට ඇතුළු වූූ පුද්ගලයා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නොවන බව ඇමති විමල් වීරවංශ පවසනවා.
ඔහු සඳහන් කරන්නේ එරට රාජ්‍යතාන්ති‍්‍රක බලපත්‍රයක් තිබුණත් ඔහු ඉන්දු පැසිෆික් කර්මාන්ඞ් රෙජිමේන්තුවේ සාමාජිකයකු පමණක් බවයි.
අදාළ පුද්ගලයා තානාපති වරප්රසාදයන්ට මුවා වී පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ නොදී සිටිය බවත් දාළ පුද්ගලයා කවුරුන්ද යන්න සොයා බලා මෙරටට කරුණු කියන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලයට අභියෝග කරන බවත් ඔහු පවසයි.
මෙරටට පැමිණෙන සියළුම පුද්ගලයන් කොරෝනා වෛරසයට ගොදුරු වී සිටී දැයි පරීක්ෂා කිරීම මෙරට වගකීමක් වී ඇතැයි ද ඇමැති විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
සම්බන්ධිත පුවත්
රාජ්‍ය තාන්ත්‍රික රැස් පෙන්වා ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියෙක් පී.සී.ආර්. පරීක්ෂාව මග හරී
