කොරෝනා ආසාදිත වූ තවත් නාවිකයින් 45 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (10) දින රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව ප්රකාශ කරයි. ඒ අනුව, සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 608ක් වේ.
ශ්රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 867ක් වේ. ඊයේ (07) දිනය තුළදී කොරෝනා ආසාදිත එක් නාවික හමුදා සාමාජිකයෙකු හඳුනාගෙන ඇත.
ඒ අනුව, දැනට රෝහල්ගතව ප්රතිකාර ගනු ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 259ක් වේ.
