ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කෝවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 1859ක් වේ. ඊයේ (09) දිනයේ දී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 02කි. එය මෑතකදී එක් දිනයක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් ගණන වේ.
එම ආසාදිතයින් දෙදෙනාගෙන් එක් අයෙකු කුවේට් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටින නාවික හමුදා සාමාජිකයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවුසවේය.
ගත වූ පැය 24 තුළදී රෝගීන් 67 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1057ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 791ක් රෝහල්වල ප්‍රතිකාර ගනු ලබයි.
වාර්තා වූ රෝගීන්ගෙන් 866 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. ඔවුන්ගෙන් 563 දෙනෙකු සුවය ලබා ඇත.
විදෙස්ගතව සිට මෙරටට පැමිණ කොරෝනා ආසාදිත වූ බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 595ක් වේ.
