2012 වසරේ නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි වතාවරණය අතරතුර රැඳවියන් 27 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව තමන්ගෙන් දේශපාලනිකව පලිගැනීමට ඉකුත් යහපාලන ආණ්ඩුව කටයුතු කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා කර තිබූ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද (09) සිදුකෙරුණි.
අදාළ සිදුවීම වූ දිනට දින 20 කට පමණ පෙර සිට තමන් මෙරට ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු ලෙස කුප්‍රකටව සිටි සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයක් වැටලීමට සැලසුම් සකස් කරමින් සිටි බව පොලිස් පරික්ෂකවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.
මෙම කලහාකාරි වතාවරණය ඇති වු අවස්ථාව වන විට තමන් ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටිමින් වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරම කොටු කර ගැනීමේ මෙහෙයුමක නිරත වී සිටි බව ඔහු සඳහන් කළේය. එදින වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට ආසන්නව පැවති බැවින් මෙහෙයුම් කටයුත්තක් සදහා පුංචි බොරැල්ල ආසන්න ප්‍රදේශයට ගියද, තමන් කිසිදු අවස්ථාවක වැලිකඩ බන්ධනාගාරය තුළට නොගිය බවද රංගජීව මහතා ජනාධිපති කොමිසම හමුවේ අවධාරණය කළේය.
මෙවැනි වතාවරණයක් තුළ මෙම සිදුවීමෙන් වසර 4 ක් පමණ ගතවීමෙන් පසු බලයට පත් වූ යහපාලන ආණ්ඩුව තමන්ගෙන් දේශපාලනිකව පලිගැනීමට උත්සහ කළ බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එම පලිගැනීම් සදහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන මහත්වරුන් මුල් වූ බව නියෝමාල් රංගජීව මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි පුජිත් ජයසුන්දර මහතා තමන් අමතා ” ගෝඨාභයනේ ඔයාව ඇරියේ. ඔයා ඒක කියන්න. මම උඩට කියලා ශේප් කරන්නම් ” යනුවෙන් පැවසු බවයි.
ඒ වන විට පොලිස්පති තනතුර ලබාගැනීම සදහා තියුණු තරඟයක් පැවති බැවින් පුජිත් ජයසුන්දර මහතා ඉහළින් ප්‍රසාදය දිනාගැනීමේ අරමුණ ඇතිව එලෙස ක්‍රියාකරන්නට ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
වැලිකඩ බන්ධනාගාරය තුළ අදාළ සිදුවීම වු දිනට ආසන්න දිනයකදි එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ දැයි ජනාධිපති කොමිසම මෙහිදි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.
එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කළේ පොලිස් පරීක්ෂක වැනි පහළ නිලයක සිටි තමන්ට එවැනි දුරකතන ඇමතුමක් නොලැබුණු අතර, තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාව සජීවිව දැක ඇත්තේ ද මහමග මෝටර් රථයකින් ගමන් කරන අවස්ථාව දෙකකදි පමණක් බවයි.
මාකඳුරේ මදූෂ් වැනි අපරාධකරුවන්ගේ ප්‍රහාරයකට පවා ලක් වූ තමන්ට ඉහළ නිලධාරින් නිර්දේශ කර තිබූ නියමිත උසස්වීම් නොලැබී ගියේ ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට වුවමනා පරිදි තමා සාක්ෂි නොදීම නිසා බවත් නියෝමාල් රංගජීව මහතා පැවසීය.
