Advertise with Giraya
NEWS

ජාතික රෝහලේ සිද්ධියට සම්බන්ධ සැකකරු වෛද්‍යවරයෙක් බවට හෙළිවේ

ජාතික රෝහලේ මුල්‍ය අංශයේ වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම් සිදුකරනු ලබන කාර්යාලය වෙත අද (09) දහවල් පැමිණ මුදල් මංකොල්ල කා පලා ගිය පුද්ගලයා වෛද්‍යවරයෙක් බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික රෝහලේ මුල්‍ය අංශයේ සේවකයෙකුගේ හිසට ගිනි අවියක් එල්ල කොට මුදල් දමා තිබු සේප්පුව බලහත්කාරයෙන් විවෘත කොට එහි තිබු මුදල් අඩංගු මල්ලද රැගෙන පළා ගිය එම සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මුදල් මංකොල්ලකා පළා යන සැකකරු පසුපස රෝහල් සේවකයින් හඹා ගොස් ඇති අතර ඔහුද හොරෙක් හොරෙක් යැයි කෑගසමින් දිව ගොස් එම පිරිසෙන් පළා ගොස් සිටියදී කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Giraya News Alerts

මෙම සැකකරු විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙසට සිය අධ්‍යයන කටයුතුවල නිරතව සිටින අයෙක් බවත් ඔහු ජාතික රෝහලේ සේවය කොට මීට සතියකට පමණ ඉහත දී වෙනත් ප්‍රදේශයක රෝහලකට ස්ථාන මාරුවීම් ලැබ ගොස් සිටි අයෙක් බවට ද තොරතුරු වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top