පිටු 477කින් සමන්විත වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරනු ලබන අපේක්ෂකයින් ගේ මනාප අංක, තරඟ වදින දේශපාලන පක්ෂ සහ ඡන්ද මධ්‍යස්ථාන ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය අද (09) දිනයේ නිකුත් කරන ලදී.
ඒ අනුව, මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ මනාප අංකයන් මෙසේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට අංක 17 යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කරනු ලබනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදිනු ලබන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මනාප අංකය වන්නේ අංක 15යි.
සමගි ජනබලවේගය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරනු ලබන සජිත් ප්‍රේමදාස ගේ මනාප අංකය වන්නේ අංක 20 යි.
එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
