නිවේදනයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසන්නේ තමන් ‘මන්ත්‍රී දේශපාලනයට’ සමු දෙන බවයි.
මනාප අංක සම්බන්ධයෙන් අද (09) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඔහු මාතර දිස්ත්‍රික්ය සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් අංක 08 යටතේ තරග කිරීමට නියමිතව තිබුණි. නමුත්, ඔහු සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දුන් නමුත් තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි.
එසේම, 32 වසරක් පුරාවට තමන්ට ජන්දය ලබාදුන් සියලුම මාතර දිස්ත්‍රික්ක ජනතාවට සිය කෘතවේදය පළකර සිටින බව නිවේදනයක් නිකුත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
