Advertise with Giraya
NEWS

ශ්‍රේණිය අනුව පාසල් පවත්වන වේලාවල් ද සංශෝධනය කරයි

පාසැල් විවෘත කිරිමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන් සංශෝධනයට ලක් කොට තිබෙනවා. ඒ අනුව 3 සහ 4 ශ්‍රේණිවල සිසු සිසුවියන් උදෑසන 7.30 සිට 11.30 දක්වා පාසැල් පැවැත්වේ.

5 වසර ශ්‍රේණියේ සිසු සිසුවියන්ට පාසැල පවත්වනු ලබන්නේ උදෑසන 7.30 සිට 12 දක්වායි. 6 වසරේ සිට 09 වසර දක්වා ශ්‍රේණිය සඳහා පාසැල පවත්වනු ලබන්නේ පෙරවරු 7.30 සිට 1.30 දක්වායි.

10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසැල් පවත්වනු ලබන්නේ පෙරවරු 7.30 සිට සවස 3.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියා.

Giraya News Alerts

අද (09) දිනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එමෙන්ම, පාසල් නිවාඩු සමය ජුනි 29 වනදායින් අවසන් කිරීමටත් තීරණය කර තිබේ. ඒ අනුව, පාසල් ආරම්භ කිරීම අදියර 4කට සිදු වේ.

එහි පළමු අදියරේදී ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යනය කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මන්ඩල සඳහාය.

ඉන් පසු දෙවන අදියර අනුව , ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිට 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇති.

එමෙන්ම තෙවන අදියර අනුව ජුලි මස 20වනදා සිට 24වනදා දක්වා පාලසට පැමිණෙන්නේ 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් පමණයි.

සිව්වන අදියර ආරම්භ වන්නේ ජුලි 27වදා සිට වන අතර එම දිනයේ සිට පාලසට පැමිණෙන්නේ 3, 4, 6, 7, 8 සහ 9 වන ශ්‍රේණි සිසුස් පමණයි.

කෙසේ වෙතත්, පළමු සහ දෙනව ශ්‍රේණි සිසුන්ට පාලසට පැමිණීම සඳහා තවමත් දිනයක් තීන්දු කර නොමැති බවත් එය පසුව දැනුම් දෙන බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top