ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1857ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ , ගත වූ පැය 24 තුළ දී තවත් කොරෝනා ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමඟයි.
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද(09) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව තවත් රෝගීන් 67 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1057ක් දක්වා වැඩි වී ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලබා ඇති ප්‍රතිශතය 56.9% ක් දක්වා ඉහළ ගොස් ඇත.
මැයි මාසය තුළ දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 646ක් වේ. මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.
- ජුනි 01 – රෝගීන් 10 ක් ද,
- ජුනි 02 – රෝගීන් 12 ක් ද,
- ජුනි 03 – රෝගීන් 13 ක් ද,
- ජුනි 04 – රෝගීන් 03 ක් ද,
- ජුනි 05 – රෝගීන් 19 ක් ද,
- ජුනි 06 – රෝගීන් 33 ක් ද,
- ජුනි 07 – රෝගීන් 50 ක් ද,
- ජුනි 08 – රෝගීන් 49 ක් ද,
- ජුනි 09 – රෝගීන් 67 ක් ද වශයෙන් වේ.
ඊයේ (08) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු වාර්තා විය. එම ආසාදිතයින් 22 දෙනා අතරින් 12 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වේ. ඔවුන්ගෙන් අට දෙනෙකු කුවේට්හි සිට මෙරටට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් සිව්දෙනා චෙන්නායිහි සිට මෙරටට පැමිණ කටුකෙළියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දස දෙනෙකු වාර්තා වී තිබූ අතර ඔවුන් ඉයක්කච්චි හා ධම්මදින්න යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි අයවලුන් වේ.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 865 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 37 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 71 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 78,723ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මාසයේ දී සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය සහ හඳුනාගත් රෝගීන් ප්‍රමාණය පහතින් දැක්වේ.
- ජුනි 01 – 1,066 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- ජුනි 02 – 1,783 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
- ජුනි 03 – 2086 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 66
- ජුනි 04 – 1890 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 48
- ජුනි 05 – 1816 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
- ජුනි 06 – 1243 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- ජුනි 07 – 1718 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
- ජුනි 08 – 1766 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 22
එමෙන්ම, සුවය ලැබූ රෝගීන් ප්‍රමාණයේ ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 789 දක්වා අඩු වී තිබේ. රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (09) දින පෙරවරු 10.00 වන විට,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 134ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 97 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 30ක් ද,
- ඉරණවිල රෝහලේ 30ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 96ක් ද,
- නාවික රෝහල (වැලිසර) 88ක් ද,
- හෝමාගම රෝහලේ 60ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 48 ක් ද,
- හම්බන්තොට මහ රෝහලේ 107ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 95ක් ද,
- යුද හමුදා රෝහලේ 04ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 41ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.
මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව මරණ අනුපාතය 0.5%ක් ලෙස වාර්තා වේ
