Advertise with Giraya
NEWS

සහරාන් සමඟ සබඳතා පැවැත් වූ අයෙක් පොලිසියට කොටුවෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම් සමඟ සබදතා පැවැත්වු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුල්මුඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මු‍ඩේ කඳවුරට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී පුල්මුඩේ ජින්නාපුරම් ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම් සමඟ මෙන්ම පාස්කු ප්‍රහාරයට සහයෝගය ලබාදුන් බවට සැකපිට සෞදි අරාබියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අබුසාලී අබුබකර් නැමැත්තා සමඟ ද සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

Giraya News Alerts

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top