කොරෝනා වෛරසය ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. ඒ අනුව, අද (09) දිනය වන විට සුවය ලැබූ සමස්ත නාවිකයින් ගණන 563ක් වේ.
මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් අතරින් 866 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වේ. දැනට රෝහල්ගතව සිටින නාවික හමුදා සාමාජිකයින් ගණන 303ක් වේ.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින සෙබළුන් සියල්ලගේම පී.සී.ආර් පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ඊයේ (08) දිනයේ දී සඳහන් කළා.
