Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 22න් 12ක් විදෙස්ගතව මෙරටට පැමිණි අය

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (08) දිනයේ දී වාර්තා වූ රෝගීන් 22 දෙනා ද ඇතුළුවයි.

ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 12ක්ම විදෙස්ගතව මෙරටට පැමිණි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් අට දෙනෙකු කුවේට්හි සිට මෙරටට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

අනෙක් සිව්දෙනා චෙන්නායිහි සිට මෙරටට පැමිණ කටුකෙළියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

Giraya News Alerts

තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දස දෙනෙකු වාර්තා වී තිබූ අතර ඔවුන් ඉයක්කච්චි හා ධම්මදින්න යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි අයවලුන් වේ.

ඊයේ (08) දිනයේ දී ආසාදිතයින් 49 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර දැනට සුවය ලැබූ සමස්ත ගණන 990ක් වේ. ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 856ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top