Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

පාකිස්ථානයේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවා යයි

පාකිස්ථානයේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව අද (08) දිනයේ දී ලක්ෂය ඉක්මවා ගියා. worldometer.com වෙබ් අඩවිය වාර්තා කර තිබෙන දත්ත අනුව මේ වන විට පාකිස්ථානයේ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 109,671ක් වේ. ඒ අනුව, පාකිස්ථානය ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් සිටින රටවල් අතර 16 වැනි ස්ථානයට පත් වී තිබේ.

පාකිස්ථානයේ කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 2067 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. තවත් 34,355 දෙනෙකු සුවය ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට පාකිස්ථානයේ ඉහළ පෙළේ දේශපාලඥයින් රැසකටත් මේ වන විට කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇත. පාකිස්ථානයේ හිටපු අගමැතිවරයෙකු වන ෂාහිඩ් ඛාන් අබ්බාසි හට ද කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර තිබේ. ඔහු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇත. ඔහු 2017 සිට 2018 කාලය දක්වා මාස 10 ක කාලයක් අගමැති ධූරය හොබවා ඇත.

Giraya News Alerts

මීට අමතරව, දුම්රිය අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් සහ ඊසානදිග පන්ජාබ් පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කවාජා සල්මාන් රෆික් හට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර තිබේ.

පාකිස්තානයේ ආසාදිත අනෙකුත් ඉහළ පෙළේ දේශපාලඥයින් අතර ගිනිකොණ දිග සින්ද් පළාතේ ආණ්ඩුකාර ඉම්රාන් ඉස්මයිල් සහ පාර්ලිමේන්තු කථානායක අසාද් කයිසර් යන අය ද වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top