සිය ආධාරකරුවන්ට ඇවන්ට්ගාඩ් සමාගමේ රැකියා ලබාදෙන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් තමාට ලිපි යොමු කළ බව ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
දේශපාලන පලිගැනීම් පිලිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (08) සිව්වැනි දිනයටත් සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඇවන්ට්ගාඩ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවත් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටින අවධියේ තමාට ලිපියක් යොමු කරමින් ඔහුගේ අධාරකරුවන් පිරිසකට සිය සමාගමෙන් රැකියා අවස්ථා ලබා දේනනැයි ඉල්ලා සිටි බවත් සේනාධිපති මහතා පැවසුවේය.
මීට අමතරව රාජිත සේනාරත්න, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ ජෝන් අමරතුංග වැනි දේශපාලනඥයින් ද ඔවුන්ගේ හිතවතුන්ට සිය සමාගම යටතේ රැකියා අවස්ථා ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලා සිටි බව සේනාධිපති මහතා ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් අනාවරණ කළේ රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික ලේකම් වරයෙක් වන දොන් අනුරාද සෙනෙවිරත්න මහතාට අයත් සමාගමක් විසින් මසුන් ඇල්ලීමේ ව්‍යාපෘතියක් සිදු කර ගෙන ගිය අතර ඊට අදාලව දියත් කෙරුණු නැව් අටක් සඳහා ඇවන්ගාඩ් සමාගමේ මුහුදු ආරක්ෂණ සේවා ලබා දෙන්නැයි තමාගෙන් ඉල්ලා සිටි බවයි.
ඒ අනුව තමා එම නෞකා සඳහා මුහුදු ආරක්ෂණ සේවා ලබා දුන් අතර ඉන් මාස කිහිපයක් ගත වූ පසු අදාළ මසුන් ඇල්ලීමේ ව්‍යාපෘතිය නීති විරෝධී ව්‍යාපෘතියක් යැයි තමාට දැනගන්නට ලැබුණු බවද සේනාධිපති මහතා පැවසුවේය.
ජී එස් පී සහනය මෙරටට අහිමි වීමට ප්‍රධානම හේතුව බවට පත්වූයේ ද රාජිත සේනාරත්න මහතාගේ එම ක්‍රියාවලිය බවයි නිශ්ශංක සේනාධිපති මහතා පැවසුවේය.
අදාළ ව්‍යාපෘතිය නීතිවිරෝධී බව දැනගත් පසු තමා එම සමාගමට මුහුදු ආරක්ෂණ සේවා ලබාදීම අත්හිටවූ අතර එම නිසා රාජිත සේනාරත්න මහතා තමා සමඟ වෛර බැඳ ගත් බව ඔහු කියා සිටියේය.
සම්බන්ධිත පුවත්
- අර්ජුන රණතුංග ඩීල් දාන්න ලෑස්ති වුනා – නිශ්ශංක සේනාධිපති
- මාව ඝාතනය කරන්න දැරූ උත්සාහයට රාජිත සේනාරත්නත් සම්බන්ධයි – ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති
- ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ගාඩ් සභාපති කළ හෙළිදරව්ව
