Advertise with Giraya
NEWS

දේශපාලනයේ නිරත වීමට අවශ්‍ය නම් තනතුරෙන් ඉවත් වෙන්න – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළ් රාජ්‍ය ආයතනවලට තම රජය පත් කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිසිවෙකු ඒළඹෙන මහමැතිවරණයේ දී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරත වීමට අවශ්‍ය න්ම නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව ඒසේ කළ හැකි බව ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටී.

ජනාධිපති මාධ්‍ය අංශය වෙතින් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියි.

Giraya News Alerts

රාජ්‍ය ආයතනය ප්‍රධෘනීන් සහ නිලධාරින් රජය වෙනුවෙන් දේශපාලනය කළ යුතු යැයි ජනාධිපතිවරයා කිසිවිටෙකත් අපේක්ෂා කරන්නේ නැති බවත් ඔවුන් කළ යුත්තේ තමන් භාරගත් ආයතනය කාරයක්ෂම, දූෂණයෙන් තොර, ඵලදායි, විනයගරුක සහ ලාභ උපයන ආයතන බවට දියුණු කිරීම බවත් එම නිවේදනයේ දැක්වේ. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ මහජන මුදලින් බවත් එබැවින් ඒ්වා කිසිදු ලෙසකින් මහජනතාවට බරක් නොවිය යුතු බවත් ජනාධිපතිවරයා පවසයි.

අමාත්‍යාංශ දෙපාර්තුමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සතු වාහන, උපකරණ වැනිි භෞතික සම්පපත් හෝ මූල්‍ය සම්පත් හෝ එළැඹෙන මහ මැතිවරණයේ දී කවර පක්ෂයක හෝ දේශපාලන වැඩට භාවිතා නොකළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මේ නියමයන් කඩ කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්‌ට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට හා නිලධාරින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනු ලබන බවත් එම නිවේදනයේ දැක්වේ.

පටු දේශපාලන අරමුණුවලින් බැහැරව ශක්තිමත් රාජ්‍යයක්, දියුණු ආර්ථිකයක්, සාධාරණ සමාජයක් සහ ජනහිතකාමී දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අධිෂ්ඨාන සහගතව කැප වී සිටින අතර මේ අරමුණු සපුරා ගැනීම පිණිස රාජ්‍ය ආයතනවල,ඒ්වායේ ප්‍රධානීන් සහ නිලධාරීන් ප්‍රමුඛ සේවකයින්ගේ පූර්ණ සහයෝගය අපේක්ෂ‌ාා කරන බවත් එම නිවේදනයේ සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top