Advertise with Giraya
NEWS

ප්‍රජාතන්ත්‍රවාදය මිලෙන් අධිකයි – ඡන්ද පෙරහුරුවෙන් පසු මැ.කො.ස කියූ දේ

සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කරමින් ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිලධාරීන් පහළොස්දහසක පමණ අතිරේක පිරිසක් අවශ්‍ය වන බවත් ඒ අනුව ඉදිරි මැතිවරණය සඳහා රුපියල් කෝටි 800 ක් හෝ 900 ක් වැය විය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (7) අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ පැවති පෙරහුරු ඡන්ද විමසීම අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෝකය විසින් දිනාගෙන ඇත්තේ ජනතාවගේ ලේ දහඩිය කඳුළුවලින් නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිලෙන් අධිකයි. කොතරම් වියදම අධික වුවත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂාකර දීම සඳහා කුමන තත්ත්වයක් යටතේ හෝ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‍ෂා කරමින් මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බව ඒ මහතා තවදුරටත් පැවසීය.

Giraya News Alerts

ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි. කෝවිඞ් 19 වසංගතය හෙට අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා කුමන තත්ත්වයක් තුළ හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මාර්ගෝපදේශ අනුව යමින් මැතිවරණය පැවැත්වීමට වඩා හොඳ යහපත් දේ සහ කි‍්‍රයා මාර්ග පිළිබඳව තීරණ ගන්න මෙම පෙරහුරුව වැදගත් වුණා. අද කළ මෙම පෙරහුරුව තුළින් ඡන්දදායකයන්ගේ අත සේදීම සහ ඡන්ද පළකට අවශ්‍ය සාමාන්‍ය නිලධාරීන් ප‍්‍රමාණයට වඩා එක් අයෙක් යොදවන්න සිදුවේවි. ඒ අනුව ලංකාවේ සියලූම ඡන්දපොළවල් සඳහා යොදවන්න අතිරේකව පහළොස්දහසක් පමණ අවශ්‍ය වේවී. මේ පවතින ගණන් බැලීම් අනුව මැතිවරණය සඳහා රුපියල් කෝටි 800 ක් හෝ 900 ක් වැය වෙන්න පුළුවන් බවද පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top