කොරෝනා ආසාදිත වූ තවත් නාවිකයින් 34 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (08) දින රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ අනුව, සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 522ක් වේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 856ක් වේ. ඊයේ (07) දිනය තුළදී කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් කිසිවෙකු හඳුනාගෙන නැත. ඊයේ (07) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් සියලුදෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වේ.
