අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
ඒ සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගනිමින් නිරෝධායන නීති සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඉරිදා දේව මෙහෙයන් යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන ලෙසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ,
” කොරෝනා වසංගතය පැතිර යන බව දැනගත් වහාම කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජා නතර කර දෙව්මැඳුරු වසා දමා එම නිරෝධායන වැඩ පිළිවෙලට උපරිම සහාය දැක්වීමට කටයුතු කළ අපිට රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන්නට තිබෙනවා. අපට විශේෂත්වයක් දක්වන්න කියා කියනවා නොවෙයි. අප ඉල්ලන්නේ අනෙක් කටයුතු දැන් යථා තත්ත්වයට හැරෙමින් පවතින කාලයක, කලක් තිස්සේ ඉමහත් ආසාවෙන් දේවස්ථානවලට යාච්ඥා කිරීම සඳහා සහ දිව්‍ය පූජා පැවැත්වීම සඳහා පැමිණෙන්නට බලා සිටින අප ජනතාවට කිසියම් නිශ්චිත කොන්දේසි යටතේ හෝ සීමා සහිත පිරිසක් සමඟ රැස් වී නිරෝධායන නීති රීතිවලට අනුව දිව්‍ය පූජා පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසයි.
ඒ නිසා, අපි රජයෙන් සහ සෞඛ්‍ය අංශ වලින් සහ ආරක්ෂක අංශවලිනුත් ඉල්ලා සිටිනවා අපිටත් අනෙකුත් ආගමික කණ්ඩායම් වලටත් ඒ සඳහා කිසියම් අවසරයක් ලබා දෙන ලෙස. අප දැනටමත් මේ ගැන ඉල්ලීමක් රජය වෙත යොමු තිබෙනවා. එම ඉල්ලිම විශේෂාකාරයෙන් සලකා බලන ලෙස මම ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් සියලුම උදවියගෙන් ඉල්ලීමක් කර සිටිනවා අපේ ජනතාව වෙනුවෙන්”
