ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ , ගත වූ පැය 24 තුළ දී තවත් කොරෝනා ආසාදිතයින් 13ක් වාර්තා වීමත් සමඟයි.
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද(07) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව තවත් රෝගීන් 50 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 941ක් දක්වා වැඩි වී ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලබා ඇති ප්‍රතිශතය 51.8% ක් දක්වා ඉහළ ගොස් ඇත.
මැයි මාසය තුළ දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 646ක් වේ. මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.
- ජුනි 01 – රෝගීන් 10 ක් ද,
- ජුනි 02 – රෝගීන් 12 ක් ද,
- ජුනි 03 – රෝගීන් 13 ක් ද,
- ජුනි 04 – රෝගීන් 03 ක් ද,
- ජුනි 05 – රෝගීන් 19 ක් ද,
- ජුනි 06 – රෝගීන් 33 ක් ද,
- ජුනි 07 – රෝගීන් 50 ක් ද වශයෙන් වේ
ඊයේ (05) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා විය. එම 13 දෙනාගෙන් 9ක් නාවික හමුදා සාමාජිකයින් වේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, තිදෙනෙකු පොම්පේඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, එක් අයෙකු පෙරියමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වි ඇත. අනෙක් තිදෙනා ද නිරෝධායනය වෙමින් සිටි අය වේ.
වාර්තා වු අනෙක් රෝගීන් සිව්දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන් කුවේට්හි සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙක් ද,අනෙක් තිදෙනා රුසියාවේ සිට පැමිණ පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් ද වේ.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 855 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 37 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 71 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 75,239ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මාසයේ දී සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය සහ හඳුනාගත් රෝගීන් ප්‍රමාණය පහතින් දැක්වේ.
- ජුනි 01 – 1,066 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- ජුනි 02 – 1,783 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
- ජුනි 03 – 2086 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 66
- ජුනි 04 – 1890 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 48
- ජුනි 05 – 1816 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
- ජුනි 06 – 1243 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
එමෙන්ම, වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 862ක් ලෙස වාර්තා වේ. රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (07) දින පෙරවරු 10.00 වන විට,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 144ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 93 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 42ක් ද,
- ඉරණවිල රෝහලේ 50ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 79ක් ද,
- නාවික රෝහල (වැලිසර) 123ක් ද,
- හෝමාගම රෝහලේ 85ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 38 ක් ද,
- හම්බන්තොට මහ රෝහලේ 108ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 96ක් ද,
- යුද හමුදා රෝහලේ 04ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 70ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.
මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව මරණ අනුපාතය 0.61%ක් ලෙස වාර්තා වේ
