Advertise with Giraya
POLITICS

එජාපයේ බෙදීමට සජිත් ප්‍රේමදාස වගකිව යුතුයි – නාමල් රාජපක්ෂ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමේ දී තමා සතුටු වු බවද සජිත් ප්‍රේමදාස සමඟ ප්‍රශ්නයක් නොමැති බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“2020 ජනාධිපතිවරණය එනකොට එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයා පිළිබඳව ආයෙ වතාවක් ප්‍රශ්නයක් එනවා. එතනදී පක්ෂය බෙදුනා. හම්බන්තොට මගේ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මහතා නම් කරනවා. මම සතුටු වුනා… මොකද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බිහි වුනා කියලා.. මොකද අපිට සජිත් එක්ක ප්‍රශ්නයක් නැහැ..හැම පාරම මට පරාදයි.. මේ පාර විතරයි කොළඹ ආවේ.. අපි සතුටු වුනා.. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පරාදයි.. ජනාධිපති අපේක්ෂකයා විදියට ඉන්නකොට… 26% හම්බන්තොට”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා කියා සිටියේ, මැතිවරණයක් එන විට එක්සත් ජාතික පක්ෂයට නැවත වතාවක් නායකත්වය ගැන ගැටළුවක් ඇති වෙන වන බවයි. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ බෙදිමට සජිත් ප්‍රේමදාස මහතා වගකිව යුතු බවත් නාමල් රාජපක්ෂ පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top