පසුගිය මැයි මස 29 වන දින සොයිසාපුර පිහිටි ලක්මැදුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (07) අළුයම පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.
මිනුවන්ගොඩ, බල්ලපාන දූනගහ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සැකකරුවෙකු සැඟව සිටින බවට පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත අද (07) අළුයම 00.03ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් පොලීසිය වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.
එහිදි පොලීසිය සිදුකළ ප්‍රතිප්‍රහාරවල දී සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුලත්ක කර ඇති අතර එහිදි ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම සැකකරු වයස අවුරුදු 50ක් වන බවත් බල්ලාපන – දිවුලපිටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙක් බවත් ඔහු ඝාතන කිහිපයකට ද සම්බන්ධ අයෙකු බවත් පොලීසිය පවසයි.
මෙම සැකකරු විවිධ නම් වලින් පෙනි සිටිමින් අපරාධ රැසක් සිදු කර ඇති බව ද වාර්තා වේ.
මෘත ශරීරය දිවුලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන එකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතයි.
සම්බන්ධිත පුවත්
- සොයිසාපුර සිද්ධියට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් සමඟ පොලිසියට කොටුවෙයි
- සොයිසාපුර සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පොලීසියට කොටුවෙයි
- සොයිසාපුර සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරුයි
