නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසමක අද (07) පෙරහුරු ඡන්ද විමසීමක් සිදු කෙරෙනවා.
අද (07) දින පෙරවරු 10.00 සිට 12.00 දක්වා මෙම විශේෂ මැතිවරණ පෙරහුරුව ඡන්ද දායකයින් 200ක පමණ පිරිසක් යොදාගනිමින් පැවැත්වේ.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ නව ක්‍රමවේදය යටතේ එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් කොපමණ වේලාවක් ගත වන්නේද යන්න අවබෝධයක් ලබා ගැනීම හා එහිදී දරන්නට සිදුවන වියදම් පිළිබඳව ද අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණු වේ.
