Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ රෝගීන් 13න් 9ක් නාවික හමුදා සාමාජිකයින්

ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1814ක් ලෙස වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (06) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 13 දෙනා ද ඇතුළුවයි.

ඊයේ (06) දිනයේ දී වාර්තා වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, තිදෙනෙකු පොම්පේඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, එක් අයෙකු පෙරියමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වි ඇත. අනෙක් තිදෙනා ද නිරෝධායනය වෙමින් සිටි අය වේ.

වාර්තා වු අනෙක් රෝගීන් සිව්දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන් කුවේට්හි සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙක් ද,අනෙක් තිදෙනා රුසියාවේ සිට පැමිණ පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් ද වේ.

Giraya News Alerts

මේ වන විට, සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 891ක් වේ. සක්‍රීය ආසාදිතයින් ගණන 912ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top