ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය මෙහෙයවීමට සිවු දෙනකු දැනට නම් කර ඇති බව එජාප උප නායක හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු මෙන්ම හිටපු තානාපතිවරයකුද වූ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ හා සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් දැනට ඒ සඳහා නම් කර තිබේ.
සුදත් චන්ද්‍රසේකර මහතා දීර්ඝ කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අතර පසුව ඒ මහතා සමඟ වූ මත ගැටුමක් මත කෙටි කලක් එම පදවියෙන් ඉවත් වී ගියේය. ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.
චන්ද්‍රසේකර මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයකු ලෙස නම් කොට තිබේ
