Advertise with Giraya
NEWS

තවත් 33කට සුවයි.. සුවය ලැබූ ගණන 891 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ , ගත වූ පැය 24 තුළ දී තවත් කොරෝනා ආසාදිතයින් 4ක් වාර්තා වීමත් සමඟයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද(06) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව තවත් රෝගීන් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 891ක් දක්වා වැඩි වී ඇත.

ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලබා ඇති ප්‍රතිශතය 49.4% ක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි.

Giraya News Alerts

මැයි මාසය තුළ දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 646ක් වේ. මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

  • ජුනි 01 – රෝගීන් 10 ක් ද,
  • ජුනි 02 – රෝගීන් 12 ක් ද,
  • ජුනි 03 – රෝගීන් 13 ක් ද,
  • ජුනි 04 – රෝගීන් 03 ක් ද,
  • ජුනි 05 – රෝගීන් 19 ක් ද,
  • ජුනි 06 – රෝගීන් 33 ක් ද වශයෙන් වේ‍ෙ

ඊයේ ‍(05) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා විය. එම සිව්දෙනාගෙන් 2 ක් නාවික හමුදා සාමාජිකයින් වේ. එම නාවික හමුදාවේ ආසාදිතයින් දෙදෙනාගෙන් එක් අයෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද අනෙක් ආසාදිතයා ද නිරෝධායනය වෙමින් සිටි අයෙකු වේ.

වාර්තා වූ අනෙක් ආසාදිතයින් දෙදෙනා විදෙස්ගතව මෙරට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 846 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 37 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.

එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 71 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 73,996ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මාසයේ දී සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය සහ හඳුනාගත් රෝගීන් ප්‍රමාණය පහතින් දැක්වේ.

  • ජුනි 01 – 1,066 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • ජුනි 02 – 1,783 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
  • ජුනි 03 – 2086 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 66
  • ජුනි 04 – 1890 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 48
  • ජුනි 05 – 1816 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04

එමෙන්ම, වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 899ක් ලෙස වාර්තා වේ. රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (06) දින පෙරවරු 10.00 වන විට,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 148ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 94 ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 41ක් ද,
  • ඉරණවිල රෝහලේ 52ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 92ක් ද,
  • නාවික රෝහල (වැලිසර) 117 ක් ද,
  • හෝමාගම රෝහලේ 109ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 38 ක් ද,
  • හම්බන්තොට මහ රෝහලේ 108ක් ද,
  • තෙල්දෙණිය මූලික රෝහලේ 96ක් ද,
  • යුද හමුදා රෝහලේ 04ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින් 46ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව මරණ අනුපාතය 0.61%ක් ලෙස වාර්තා වේ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top