දකුණු ආසියානු කලාපයේ වැඩිම කෝවිඩ් – 19 ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන අසල්වැසි ඉන්දියාව ලොව වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන රටවල් අතර 6 වැනි තැනට පත් වී තිබේ.
worldometer.com වෙබ් අඩවිය විසින් පළ කරනු ලබන දත්ත වාර්තා අනුව ඉන්දියාවේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 236,954ක් වේ. ඉතාලියේ වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 234,531කි.
ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවෙන් ආසාදිතයින් 9471ක් හඳුනාගෙන ඇත. දැනට ඉන්දියාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 116,302ක් වේ. වාර්තා වූ රෝගීන්ගෙන් 113,233ක් සුවය ලබා ඇත.
ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 6649 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇත. ගත වූ පැය 24 තුළ දී වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 286ක් වේ.
