Advertise with Giraya
Gossip

පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපා – මැතිවරණ කොමිසමේ හූල් කියයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන්නැයි ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් දමිල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උතුරේ ක්‍රියාත්මක වන ‘ඩෑන් ටීවී’ නම් ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් හා අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ බොරු ප්‍රචාර කරමින් සිටින බවයි.

එවන් බොරු ප්‍රචාර කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන අයට ඡන්දය නොදෙන ලෙස ඔහු එම සාකච්ඡාවේදී ඉල්ලා තිබේ.

Giraya News Alerts

තමන් සිංහල භාෂාව නොදන්නා බවත් එමෙන්ම සිංහලෙන් පලවන කුණු කියවන්නට නොදන්නා බවත් ඔහු එහිදී සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට සහයෝගය ලබා දෙන සමහර මාධ්‍ය විශාල වශයෙන් අසත්‍ය පතුරුවමින් ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

තමන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන්නේ යැයි සමහරුන් පවසන බවත් එසේ කියූ විට තමන් තමන්ගේ කටයුතු නතර කරනු ඇතැයි ඔවුන් සිතන බවද ඔහු එහිදී සදහන් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිවෙකුට වුවත් මැතිවරණය අවුල් කිරීම ඉතා අසීරු කාර්යයක් ඇයිද ඔහු එහිදී තව දුරටත් පවසා ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top