Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ රෝගින් සිව් දෙදෙනාගෙන් දෙදෙනෙක් නාවික හමුදාවේ

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1801ක් වේ. ගත වූ පැය 24 තුළ දී වාර්තා වූ රෝගීන් ගණන 04ක් වේ. ඒ අනුව, දැනට රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 932කි. සුවය ලැබූ ගණන 858කි.

ඊයේ (05) දිනය තුළ දී වාර්තා වූ රෝගීන් සිව්දෙනා අතරින් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද අනෙක් ආසාදිතයා ද නිරෝධායනය වෙමින් සිටි අයෙකු වේ.

හඳුනාගාත් අනෙක් රෝගීන් දෙදෙනා විදෙස්ගතව මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන් දෙදෙනාම බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

Giraya News Alerts

හඳුනාගත් රෝගීන් අතරින් 846 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන්ගෙන් 443 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

අද (06) දිනයේ දී ජර්මනියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහ විදේශ නෞකාවල සේවය කළ සිවිල් නාවිකයින් 236 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top