Advertise with Giraya
ENTERTAINMENT

දීපිකා වෙනුවෙන් රන්වීර් කළ ලොකු වියදමක් ගැන කියයි

පසුගිය කාලයේ ඉන්දියාව වසා තැබීම සමඟ තම තමන්නේ නිවෙස්වලට කොටු වූ බොලිවුඩ් තරු කාලය කළ අයුරු පිළිබඳව දැනගන්න රසිකයන්ගේ ඇති උනන්දුව නිසාම ඔවුන් එම කාලය ගත කරන ආකාරය පිළිබඳව සමාජජාලාවලට එක්ක කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.

රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් ලද මේ විවේකය ඉතා අර්ථාන්විතව ගත කළ බව පවසනවා. නිවෙස පිරිසිදු කිරීම, ඉවුම් පිහුම් කටයුකු, මුළුතැන්ගෙය පිරිසිදු කිරීම ආදිය දක්වා නිවෙසේ කටයුතු දෙදෙනා ඉතාම සතුටින් කළ බවට ඔවුන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල සටහන් තැබුවා.

“‍රංගන ශිල්පියෙක් විදියට මට මා පිළිබඳ අවධානය යොමු කිරීම වගේම බිරිය දීපිකා සමඟ කාලය ගත කිරීමට හැකිවීම ඇත්තෙන්ම වටිනා දෙයක්”‍ රන්වීර් පවසනවා. එපමණක් නොව විවාහයට පෙර රන්වීර් දීපිකා වෙනුවෙන් අධිකව මුදල් වියදම් කළ හේතුවකුත් සඳහන් කළා.

Giraya News Alerts

ඒ, ඔහු සෑම දිනකම දීපිකාට මල් යැවීමට අමතක නොකළ බවයි. “‍මම දැනගෙන හිටියා ඇය මල්වලට, විශේෂයෙන් ලිලී මල්වලට ආසයි කියලා. ජීවිත කාලය පුරාම ඇය මගේ කර ගැනීමට මට වුවමනා වුණා. ඉතින්, ඇය පැමිණෙන සෑම අවස්ථාවකම ඇයට මල් ලැබීමට සැලැස්වීම මගේ කාර්යයක් වුණා. ඇය වෙන කොහේ හරි රූගත කිරීමක නම් මමත් එහි කෙටි චාරිකාවක යෙදුනා”‍ රන්වීර් පවසවා. “‍මල් වෙනුවෙන් විතරක් කොපමණ මුදලක් වියදම් කරනවා දැයි ඔබට වැටහෙනවා දැයි”‍ වරෙක පියා තමාගෙන් විමසූ බවත් ඔහු පවසනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top