Advertise with Giraya
FOREIGN

ඇමරිකන් පොලීසියේ තවත් අමානුෂික පහරදීමක්

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවති උද්ඝෝෂණයක් අතරවාරයේ දී රාජකාරියේ නියුතු පොලීස් නිලධාරීන් දෙදෙනෙකු විසින් 75 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු බැටන් පොල්ලක් ආධාරයෙන් තල්ලු කොට බිම දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් පොලීසියි විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මෙම පහරදීමේ සිදුවීම එතැන රැඳී සිටි මාධ්‍යවේදියෙකු විසින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ. බිම ඇද වැටුණු පුද්ගලයාගේ හිසෙන් ලේ ගලා යන අයුරුද වීඩියෝවේ දැක්වේ.

නිව්යෝර්ක් පොලීසිය විසින් මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට ලක් කර ඇති අතර වයෝවෘද්ධ පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Giraya News Alerts

එම විඩියෝව පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top