පසුගිය මැයි මස 29 වන දින සොයිසාපුර ප්රදේශයේ පිහිටි ලක්මැදුර ආපනශාලාවට එල්ල වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බෞද්ධාලෝක කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට තිබේ.
හොරායින් ජාවාරමේ නියැලෙන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබුණු විශේෂ තොරතුරක් මත රත්මලාන ධර්මාරාම පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී හොරොයින් සමඟ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හොරොයි මිලිග්රෑම් 5450 ක් සහ ජංගම දුරකතනයද විශේෂකාර්ය බළකා නිලධාරීන්ගේ බාරයට ගෙන තිබේ.
එම වෙඩිතැබීම මෙහෙයවන ලදැයි කියන දැනට විදේශගත වී සිටින පාතාල සාමාජිකයකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන අය සමඟ මෙම කාන්තාව දුරකතනය හරහා සම්බන්ධ වෙමින් හෙරොයින් ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත.
සැකකාරිය ගල්කිස්ස පොලීසියට බාරදී ඇති අතර අද (05) ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සම්බන්ධිත පුවත්
- සොයිසාපුර සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පොලීසියට කොටුවෙයි
- සොයිසාපුර සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ක්රිකට් ක්රීඩක ධනංජයගේ පියා ඝාතනයේ ප්රධාන සැකකරුයි
