කොරෝනා ආසාදිත වූ තවත් නාවිකයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (05) දින රොහලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව ප්රකාශ කරයි. ඒ අනුව, සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 443ක් වේ.
ශ්රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 845ක් වේ. ඒ ඊයේ (04) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 42 දෙනා ද ඇතුළුවය.
