ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1797 දක්වා ඉහළ ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ දී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 48ක් වේ. ඒ අනුව, මෙරට සක්‍රීය ආසාදිතයින් ගණන 947 දක්වා වැඩි වී තිබේ. සුවය ලැබූ ගණන 839ක් වේ.
ඊයේ (04) දිනයේ දී වාර්තා වු රෝගීන් 48 දෙනාගෙන් 42ක්ම නාවික හමුදා සාමාජිකයින් වේ. ඒ අතරින් 32ක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, තිදෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද , එක් අයෙකු මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, තවත් 05 දෙනෙකු ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වේ. අනෙක් රෝගියාද නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් වේ.
වාර්තා වූ අනෙක් ආසාදිතයින් 06 දෙනා විදෙස්ගතව මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන් අතරින් තිදෙනෙකු ඉන්දියාවේ සිට පැමිණ කටුකෙළියාව නිරෝධායන මධ්‍යස්ථානයයේ ද, එක් අයෙකු ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ ද, තවත් දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ දියතලාව හා වාද්දුව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
