කෝවිඩ් වසංගතය මර්දනය කිරීමත්, දේශපාලන න්‍යාය පත්‍රයත් කියන මේ දෙකම එකට ක්‍රියාත්මක වූ බැවින් රටේ කොවිඩ් ආසාදිතයන් 1600ක් මේ වනවිට ඉක්මවා ගොස් තිබෙන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. එමෙන්ම, සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන නිර්දේශ මත මැතිවරණය පැවැත්විය යුතු අතර ජන ජීවිතය අනතුරේ දමන මැතිවරණ ව්‍යාපාරයක් ඔවුන්ට අවශ්‍ය වන්නේ නැති බවත් ඔහු සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (03දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “
ජනතාවගේ මරණ උඩින් ගිහින් හරි රාජපක්ෂලා රටේ බලය ගන්න හදන ආකාරය අපි දැන් දකිනවා. කොවිඩ් වසංගතය මර්දනය කිරීමත්, දේශපාලන න්‍යාය පත්‍රයත් කියන මේ දෙකම එකටයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තමයි අපේ රටේ කොවිඩ් ආසාදිතයන් 1600ක් මේ වනවිට ඉක්මවා ගිහින් තිබෙන්නේ.
අපිට අවශ්‍යවෙලා තිබෙන්නේ නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයක් පැවැත්වීමටයි. ආණ්ඩුවට අවශ්‍ය වුණේ කලින්ම මහ මැතිවරණය පවත්වා ගන්නයි. කොවිඩ් ආසාදිතයන් තවමත් හමුවෙනවා. අපි ඒකයි කිව්වේ ජුනි 20 මහ මැතිවරණය පවත්වන්න එපා කියලා. අපි අධිකරණයට ගියේ ඒකයි. සෞඛ්‍ය අංශවල නිර්දේශ මත තමයි මැතිවරණය පැවැත්විය යුත්තේ. ජන ජීවිත අනතුරේ නොදමන මැතිවරණ ව්‍යාපාරයක් අපිට අවශ්‍යයි.
මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දන්වලා තිබුණා පාර්ලිමේන්තුව කල් දානවිට මැයි මාසයේ වුණත් මහ මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. නමුත් මේ මැතිවරණය කල් දැමීමට ක්‍රියා කිරීම ගැන අපි මැතිවරණ කොමිසමට ස්තුතිය පුද කරනවා. ජුනි 20ත් මැතිවරණය පවත්වන්න සුදුසු නැති නිසායි අපි අධිකරණයට ගියේ. ඒක අද ඉෂ්ට වෙලා තිබෙනවා. අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. අපි ඉල්ලන්නේ ජනතාව ගැන සිතලා අනතුරුදායක තත්ත්වයක් නැති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කළ පසුව මැතිවරණයක් පවත්වන්න කියලා.
අපි සමගි ජන බලවේගය පිහිටෙව්වේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ඇතිවයි. එජාපය තීන්දු කළා සන්ධානයක් යටතේ තරග කරන්නත් එහි නායකයා සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නත්, අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නත්. ඒ වගේම සන්ධානයේ මහ ලේකම් සජිත් ප්‍රේමදාස මහතාගේ කැමැත්ත පරිදි පත්කර ගන්න. මේවා ගැන අපිට ලිඛිත සාක්ෂි තිබෙනවා. මෙය නීත්‍යනුකූලයි. පළාත් පාලන මන්ත්‍රින්ගේ මන්ත්‍රි ධුරය අහෝසි කරන්න බෑ. අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. එජාපයට නීති විරෝධී වැඩ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ සුළු මොහොතකට පෙර මහරගම නගර සභාවේ මන්ත්‍රිවරු 11 දෙනාගෙන් 9 දෙනෙක් මෙතැනට ඇවිත් මාධ්‍ය හමුවක් පැවැත්තුවා.
ලංකාවේ සියයට අනූ පහක් එජාප පළාත් පාලන මන්ත්‍රිවරුන් අපි සමඟයි සිටින්නේ. සමහර අය මන්ත්‍රිකම ගැන කල්පනා කරලා උඩින් පෙන්නලා අපිට යටින් වැඩ කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් සුළුතර කණ්ඩායමක් ඉන්නේ. ඒ අයට තීන්දු ගන්න අයිතියක් නෑ. බහුතරය මෙතැනයි. මේ ආණ්ඩුවට අවශ්‍ය වුණේ ජනතාව ගැන කල්පනා නොකොට හෝ රටේ බලය ගන්නයි. අපි කියන්නේ නිසි විදිහට සෞඛ්‍යාරක්ෂිත ලෙස සියලු විධිවිධාන යොදලා මේ මැතිවරණය පවත්වන්න කියලා” යැයි පැවසුවා.
