කෝවිඩ් – 19 වෛරසය පැතිරීම පාලනය කිරීම උදෙසා මෙම මස පළමුවැනිදා සිට කටුනායක ගුවන්තොටුපොළෙන් පැමිණෙන සියලුම මගීන් ගුවන් තොටුපොළේදීම කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි තහවුුරු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂාව සිදු කිරිම අනිවාර්ය කරන ලදී.
නමුත්, කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යායේ සේවය කරන රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි නිලධාරියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පීසීආර් පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබෙන බව වාර්තා වේ.
ගුවන් තොටුපළ නියෝජ්‍ය සභාපතිවරයා සඳහන් කරන්නේ අදාළ නිලධාරියා රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද භුක්ති විඳීමට කටයුතු කළ බැවින් ඔහුගේ ගමනට බාධාවක් සිදුකළ නොහැකි වූ බවයි.
මෙලෙස රාජ්‍ය තාන්ත්‍රිකයින් එම රෙගුලාසි අනුගමනය නොකරමින් කටයුතු කිරීම හරහා රට තුළ යළි කොරෝනා තර්ජනයක් මතුවීමේ අවදානමක් ඇතිවන බව ගුවන් තොටුපළ සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
