Advertise with Giraya
SPORTS

කොරෝනා අසාදනය වී පාකිස්ථානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට

නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පාකිස්තානයේ හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු මියගොස් ඇති බව වාර්තා වේ..

මෙසේ මිය ගොස් ඇත්තේ එරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන 51 හැවිරිදි වියේ පසු වූ රියාස් සෙයික් (Riaz Sheikh) නම් ක්‍රීඩකයා වේ. දකුණත් දඟ පන්දු යවන්නකු වන රියාස් සෙයික් පාකිස්තාන පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේදී තරඟ 43කට ක්‍රීඩා කරමින් කඩුලු 116ක් බිඳහෙළා ඇත. එමෙන්ම, රියාස් සෙයික් ජාතික කණ්ඩායම වෙනුවෙන් ද නිර්දේශ වූ ක්‍රීඩකයකු බවද එරට මාධ්‍ය වාර්තාවන්වල සඳහන් විය.

මේ අතර හිටපු පාකිස්තාන ටෙස්ට් ආරම්භක පිතිකරුවකු සහ කනිෂ්ඨ ජාතික තේරීම් කමිටු සාමාජිකයකු වන ටෆීක් උමාර් කොවිඩ් ආසාදනයෙන් මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවද වාර්තා වේ.

Giraya News Alerts

මීට පෙර අප්‍රේල් මාසයේ දී ද පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සෆාර් සෆ්රාස් (Zafar Sarfraz) කෝවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top