ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1749ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ , ගත වූ පැය 24 තුළ දී තවත් කොරෝනා ආසාදිතයින් 66ක් වාර්තා වීමත් සමඟයි.
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද(03) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව තවත් රෝගීන් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 839ක් දක්වා වැඩි වී ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට සුවය ලබා ඇති ප්‍රතිශතය 47.9% දක්වා අඩු වී ඇත.
මැයි මාසය තුළ දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 646ක් වේ. මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.
- ජුනි 01 – රෝගීන් 10 ක් ද,
- ජුනි 02 – රෝගීන් 12 ක් ද,
- ජුනි 03 – රෝගීන් 13 ක් ද,
- ජුනි 04 – රෝගීන් 03 ක් ද වශයෙන් වේ.
මේ අතර, ඊයේ (03) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 66 දෙනෙකු වාර්තා විය. එම 66 දෙනාගෙන් 35 ක් ම විදෙස්ගතව මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
එම 35 දෙනා අතරින්,
- බංග්ලාදේශයේ සිට පැමිණි 14ක් – දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද,
- කටාර් සිට පැමිණි 19ක් – අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද,
- කුවේට්හි සිට පැමිණි 02ක් – මින්නේරිය හා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවලින් ද වාර්තා වී ඇත.
දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 594 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. එයින් 511 දෙනෙකු ම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව වාර්තා වූ ආසාදිතයින් වන අතර 549 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලදී තහවුරු වූ ආසාදිතයින් වේ.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඊයේ (03) දිනයේ ද වාර්තා වූ රෝගීන්ගෙන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ.
දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 802 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 37 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 71 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 70,290ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ. මෙරට එක් දිනකදී සිදු කරන ලද වැඩිම පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය ඊයේ (03) දිනයේ දී සිදු කර තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මාසයේ දී සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය සහ හඳුනාගත් රෝගීන් ප්‍රමාණය පහතින් දැක්වේ.
- ජුනි 01 – 1,066 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- ජුනි 02 – 1,783 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
- ජුනි 03 – 2086 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 66
එමෙන්ම, වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 900ට ආසන්න වෙමින් පවතියි. වසංගත රෝග විද්‍යා අංශය අද (04) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව මේ වන විට සක්‍රීය ආසාදිතයින් 899ක් රෝහල්ගතව සිටියි. මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම සක්‍රීය ආසාදිතයින් ගණන වේ.
රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (04) දින පෙරවරු 10.00 වන විට,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 153ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 100 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 40ක් ද,
- ඉරණවිල රෝහලේ 51ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 92ක් ද,
- නාවික රෝහල (වැලිසර) 121 ක් ද,
- හෝමාගම රෝහලේ 97ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 46 ක් ද,
- හම්බන්තොට මහ රෝහලේ 108ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 78ක් ද,
- යුද හමුදා රෝහලේ 03ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් රෝගින් 10 දෙනෙකු රෝහලට යොමු කරමින් පවතියි.
තවත් පුද්ගලයින් 56ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.
මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව මරණ අනුපාතය 0.63%ක් ලෙස වාර්තා වේ.
