වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා විසින් අද (04) දින ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව, සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.
2016 වසරේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට භාජනය කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව හේතුවෙන් නීතිපතිවරයා විසින් ඉකුත්දා(01) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දුන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙසටයි.
රිය අනතුර සිදුවූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා එම රථය පැදවූ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබිය දී සාක්ෂිකරුවන්ගේ කටඋත්තර සටහන් කර ගැනීමේ දී පාඨලී චම්පික රණවක නම ඉවත් කර ඒ වෙනුවට ඔහුගේ රියදුරුගේ නම ඇතුළත් කරන ලෙස හිටපු ස්ථානාධිපතිවරයා විසින් වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බලපෑම් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට චෝදනා ගොනු කර ඇත.
නඩුවේ සැකකරුවන් වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියදුරු මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.
සම්බන්ධිත පුවත්
