Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 66න් 31ක් නාවික හමුදා සාමාජිකයින්

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1749ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ගත වූ පැය 24 තුළ දී කොරෝනා ආසාදිතයින් 66 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 902 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (03) දිනයේ දී වාර්තා වූ රෝගීන් 66දෙනාගෙන් 31ක්ම නාවික හමුදා සාමාජිකයින් වේ. ඔවුන්ගෙන් මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ 19ක් ද, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 04ක් ද, මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් 04 ක් ද, අනෙක් 04 දෙනා ද නිරෝධායනය වෙමින් සිටි අයවලුන් වේ.

අනෙක් රෝගීන් 35 දෙනාම විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් 14 දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් ද, 19 ක් කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ ද, 02ක් කුවේට්හි සිට පැමිණ මින්නේරිය හා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top