Advertise with Giraya
NEWS

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් පත් වේ

නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ තුෂාර උපුල්දෙණිය පත්කර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයට උසස් කර ඇත.

2001 වසරේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු ලෙස බන්ධනාගාර සේවයට එක් වූ උපුල් දෙනිය මහතා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ධුරයට උසස්වීම ලබන විට බන්ධනාගාර කොමසාරිස්(බුද්ධි) ධුරයේ කටයුතු කළේය.

කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිධරයකු වන උපුල් දෙණිය මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන ඇත.

Giraya News Alerts

ලොව පුරා රටවල් 15ක පමණ බන්ධනාගාර කේෂ්ත්‍රය පිළිබද විවිධ පුහුණු වීම් ලබා ඇති තුෂාර උපුල්දෙනිය මහතා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ හා මහනුවර ධර්මරාජ විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top