Advertise with Giraya
POLITICS

‘හංගන්නේ නැතිව ඇත්ත කියන්න. අපි අදහස් හුවමාරු කරගමු’ – රනිල්ගෙන් රජයට ඉල්ලීමක්

රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු නොසඟවා ජනතාව වෙත ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම, ජනතාවට සහන ලබා දීමේ ඉදිරි වැඩසටහන් පිළිඳව රජය සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළා.

ඉදිරි මහ මැතිවරණයට තරගවඳින මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (03) දහවල් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා “වෙන රටවල කොවිඩ් නිසා බඩු මිල අඩු වුණා. එදා තරම් ඉල්ලුම තිබුණේ නෑ. ඉල්ලුම අඩුවී බඩු මිල වැඩි වුණ එකම රට ලංකාව. හැම රටකම ආර්ථිකයට පහරක් වැදුණා

Giraya News Alerts

ලංකාවේ ආර්ථිකයේ විශාල කඩාවැටීමක්. අපේ ආදයම් අඩු වෙලා. රජයේ වියදම් හා ආදායම් අතර පරතරය විශාලයි. දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 9ක හිඟයක්

මේ ගැන කරුණු හෙළි කරන්න. ජනතාවට බලපාන ප්‍රශ්නයක්. ජාත්‍යන්තරයෙන් ණය, ආධාර ලැබෙනවාද?

ආර්ථිකය ගැන දැනගන්න අයිතියක් තියෙනවා. හංගන්නේ නැතුව ඇත්ත කියන්න. අපි අදහස් හුවමාරු කරගමු කරුණු සැඟවීමෙන් සිදුවෙන්නේ. සාගින්නට යටවී මිය යන්න. සහන දෙන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරමු“ යැයි පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top