Advertise with Giraya
POLITICS

පළඟැටියන්ට කරන්න ඕනේ දේ ගැන සජිත් කියයි

පළඟැටියන්ගේ ප්‍රහාර නිසා රටේ කෘෂිකර්මාන්තයට මරු පහරක් එල්ල වී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එම නිසා පළඟැටි උවදුර මැඩපැවැත්වීම සඳහා රජය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

කොරෝනා අවදානම පෙන්වා දුන් අවස්ථාවේ රජය නින්දට ගියා සේ කටයුතු කළ බවත් පළඟැටි උවදුර ඇති අවදානම පෙන්වා දෙන අවස්ථාවේ එසේ නොඉඳ රජයට අවදි වී කටයුතු කරන්නැයි ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස ‘ පළඟැටියන්ගේ ප්‍රහාර නිසා අපේ භවභෝග වලට කෘෂිකර්මාන්තයට මරු පහරක් එල්ල වෙමින් පවතිනවා. වර්තමාන රජයට කියන්න කැමතියි මේ අවදානම් තත්ත්වයත් සමඟ තටම තටම ඉන්නේ නැතිව මේ සඳහා විශේෂිත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.

කොරෝනා අවදානම පෙන්වලා දෙනකොට නින්දට ගියා සේ මේ අවදානම පෙන්වලා දෙනකොටත් නින්දට යන්නට එපා. කරුණාකරලා අවදිවන්න. කෘෂිකර්මාන්ත ක්ෂ්‍රේත්‍රයේ විශේෂඥයින්ගේ දැනුම ලබාගෙන මේ පළඟැටි ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධව විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්න.

එසේ නොකළහොත් අපේ රටේ කෘෂිකර්මාන්තයට මහා විනාශයක් සිදු වෙලා රටේ ආහාර සුරක්ෂිතභාවයටත් මරු පහරක් එල්ල වෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි” යැයි පැවසුවේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top