Advertise with Giraya
NEWS

සොයිසාපුර සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පොලීසියට කොටුවෙයි

පසුගිය 29 වන දා අළුයම සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ‍වැගන් ආර් කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කරන අන්දමට ඊයේ (02) සවස අඟුලාන හා රත්මලාන යන ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. අඟුලාන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සහ 36 හැවිරිදි සැකකරුවන් දෙදෙනා සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් දෙකයි ග්‍රෑම් 225 ක් ද සොයාගෙන තිබේ. සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙක් පසුගියදා (30) අත්අඩංගුවට ගත් අතර ඔහු ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන රංජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ද වේ.

Giraya News Alerts

එමෙන්ම, වෙඩි තැබීම සිදු වන වේලාවේ දී ආරක්ෂාවට සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. ඒ, රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මතයි.

සම්බන්ධිත පුවත්

සොයිසාපුර සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරුයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top